බැංකොක් දෙවනත් කරමින් තායි සෙබළෙක්ගෙන් වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)

පෙබ 08, 2020
  • තායිලන්තයේ ඊසාන දිග බැංකොක් හි කෝරාට් ප්‍රදේශයේදී හමුදා සෙබලෙක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් හමුදා නිලධාරින් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

    එරට ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කණිෂ්ඨ නිලධාරියෙකු වූ මෙම සෙබළා පළමුව තම අණදෙන නිලධාරියාට පහර දී ගිණි අවියක් සහ පතරොම් සොරාගෙන ඇති බවයි. පසුව ඔහු බෞද්ධ ආගමික ස්ථානයක් වෙත වෙඩි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එරට මාධ්‍ය වාර්තා කළේ සැකකරු කාර් රථයකින් පිටතට පැමිණ සාප්පු සංකීර්ණයක් වෙත වෙඩි තැබූ බවයි. සැකකරු මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඔහු සොයා පොලිස් මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.

     

     

    එම සිදුවීමට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවක් පහතින්

    Latest News