කොරෝනා නිසා මරණ 813ක්..ආසාදිතයින් 37,500 ඉක්මවයි

පෙබ 09, 2020

    අද වන විට 2003 වසරේ දී ලොවපුරා ව්‍යාප්තවූ සාර්ස් වෛසරයෙන් මියගිය සංඛ්‍යාව අභිබවා කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. මේ වන විට වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 813ක්.

    එහෙත් 2003 වසරේ දී සාර්ස් වසංගතයෙන් මියගියේ පුද්ගලයින් 774ක් පමණි. කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ පමණක් මියගිය සංඛ්‍යාව 90ක දෙනෙක්. එහෙත් ඊට සාපේක්ෂව රෝගය වැළඳී ඊයේ සුවය ලැබු සංඛ්‍යාව 600ක් ලෙසයි වාර්තා වන්නේ. මේ දක්වා සුවය ලැබූ පිරිස 2649ක්. ඒ අනූව, මියයන ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලබන පිරිසයේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබීම විශේෂත්වයක්. තවදුරටත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 37,500කට ආසන්න පිරිසක් ඇතැයි වාර්තා වෙයි. ඒ අතරින් 3916 දෙනෙකුට වෛරසය ආසාදනය වූ බවට අනාවරණය වුනේ ඊයේ. මේ අතර ආසාදිත වූවන්ගෙන් 6188 දෙනෙක් තවදුරටත් අසාධ්‍ය තත්වයේ පසුවෙයි. මෙතෙක් මියගිය අයගෙන් තිදෙනෙකු පිලිපීනයේ හා හොංකොං රාජ්‍යවලින් වාර්තා විය. එක් අමෙරිකානු පුරවැසියෙක් හා ජපාන ජාතිකයෙකු ද ඊයේ වූවාන්හිදී මිය ගියේය. නවතම වාර්තා අනූව සිංගප්පූරුවේ පමණක් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙකු සිටින බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.

    කැනඩාවෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයින් හත් දෙනෙකු මෙන්ම,තායිලන්තයේ තවත් 7 දෙනෙකු වාර්තා විය. මේ අතර ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය පිළිබඳ දත්ත හුවමාරු කරගැනීමට ඇතැම් රටවල් උනන්දුවක් නොදක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොල් ඇඩනම් පවසයි. මේ අවස්ථාවේ සමාජ, දේශපාලන හා ආර්ථික විෂමතා පසෙකලා කොරෝනා සියලු දෙනාගේම පොදු සතුරා ලෙස සළකා එක්ව සටන් වැදිය යුතු බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ. ඔහු මේ බව සඳහන් කළේ ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී.

    Last modified on ඉරිදා, 09 පෙබරවාරි 2020 12:11

    Latest News