නියං සමයේ සෝමාලියාවේ මරණ 43,000ක්

මාර් 21, 2023

    ‍නියං සහිත කාලගුණය නිසා පසුගිය වසර තුළ සෝමාලියාවේ 43,000 ක් පමණ  මිය ගොස් ඇතැයි,  සෝමාලියානු රජය සහ එක්සත් ජාතීන්ගේ නවතම වාර්තා පෙන්වා දෙනවා. මිය ගිය අයගෙන් අඩක් ළමුන් බවයි, වාර්තා වන්නේ.

    නියං සහිත කාලගුණය හේතුවෙන්  වාර්තා ගත මරණ සංඛ්‍යාවක් සිදු වූ පළමු  අවස්ථාව මෙයයි.

    මේ වසරේ මුල් මාස 6 තුළ තවත් මරණ 18,000  - 34,000  අතර සංඛ්‍යාවක් සිදු විය හැකි බව, පුරෝකතනය කර තිබෙනවා. 2011 වසරේ දී සෝමාලියාවට බලපෑ දරුණු සාගතයෙන්  ලක්‍ෂ 40 කට ආසන්න පිරිසක් මිය ගියා. 

    මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඉන් පසු එරටින් වාර්තා වූ දරුණුතම ව්‍යසනකාරි අවස්ථාව මෙය  බවයි. ළමුන්, කාන්තාවන් සහ වයස්ගත මෙන්ම රෝගී අය මෙම ‍ ඛේදවාචකයට මුහුණ පා සිටින ප්‍රධාන පාර්ශ්වයන් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

    Last modified on අඟහරුවාදා, 21 මාර්තු 2023 16:11

    Latest News