කහ තිත්‌ පළඟැටි උවදුර මර්දනයට කඩිනම්‌ පියවර (වීඩියෝ)

ජූනි 04, 2020
  • කහ තිත්‌ පළඟැටි උවදුර කඩිනමින්‌ මර්දනය කිරීමට පියවර ගත්‌ බව, සබරගමු පළාත්‌ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාස 11 ක පළඟැටි උවදුර පැතිර පවතිනවා.

    පළඟැටි විශේෂය පිළිබඳ මෑත කාලයේ මුලින්ම වාර්තා වූයේ, කුරුණෑගල, මාවතගම ප්‍රදේශයෙන්‌. අනතුරුව, දිස්ත්‍රික්කයේ තවත්‌ ගම්මාන කිහිපයකින්‌, පළඟැටියන්‌ සොයාගනු ලැබුවා. පොල්‌ සහ රබර් වගාව ආශ්‍රිත පැළෑටිවල මෙම සතුන්‌ බහුලව දැකිය හැකියි.

    අනතුරුව කෑගල්ල සහ හම්බන්තොට දිස්තික්කවලට ද මෙම උවදුර ව්‍යාප්තව තිබෙනවා. මේ වනවිට පොල්‌ සහ කෙසෙල්‌ වගාවට මෙන්ම වෙනත්‌ බෝග වගාවන්ට ද ව්‍යාප්ත වීමේ අවදානමක්‌ පචතින බව, ගොවීන්‌ පවසනවා. සෑම ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාසයකම ගොවීන්‌ දැනුවත්‌ කිරීම මෙන්ම යාන්ත්‍රික මර්දන ක්‍රම හඳුන්වාදීම මේ දිනවල සිදුකෙරෙනවා. ගොවීන්‌ මේ සම්බන්ධව විමසිලිමත්‌ වීම සහ ප්‍රායෝගිකව ඊට දායකවීම වැදගත්‌ බවයි, පළාත්‌ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

    තවද මෙම පළඟැටියන්‌ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ල බෙලිඅත්ත ප්‍රදේශවලින්‌ ද සොයාගෙන තිබෙනවා. වලස්මුල්ල, ප්‍රදේශයේ පොල්‌ සහ වෙනත්‌ වන ශාක රැසකට ද හානිකර ඇතැයි ගම්වාසීන්‌ පවසනවා. රසායනික ද්‍රව්‍ය යොදා මෙම පළඟැටියන්‌ විනාශ කිරීමට පියවර ගන්නා බව, කෘෂිකර්ම නිලධාරීන්‌ පවසනවා.

    Latest News