කෙන්යාවට පළඟැටි ආක්‍රමණයක්

ජන 27, 2020

    වසර 70කට පසු දරුණු පළගැටි ආක්‍රමණයකට කෙන්යාව ගොදුරු වී තිබේ.

    අසල්වැසි රටවලට ද එය පැතිරී යාමේ අවදානමක් ඇති බවයි එක්සත්ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවන්නේ. කෙන්යාවේ වර්ෂා සමයත් සමග නව වගාවල ව්‍යාපෘතිය දක්නට ලැබේ. ඒ සමගම පළගැටියන් විශාල ලෙස බෝ වීම ද සිදුවෙයි. ලක්ෂ සංඛ්‍යාත පළගැටියන් හේතුවෙන් වගා රැසක් විනාශ වී ඇති අතර, ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

    මේ වන විටත් විනාශ වී ඇති වගා භූමිය හෙක්ටයාර හැත්තෑදහසක්. සීඝ්‍රයෙන් බෝ වන පළගැටියන් හේතුවෙන් සෝමාලියාව ඉතියෝපියාව වැනි රටවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

     http com.ft.imagepublish.upp prod us.s3.amazonaws

    download 6

     

    Last modified on සදුදා, 27 ජනවාරි 2020 15:16

    Latest News