“කහ තිත් පළගැටි උවදුර” මර්දනයට විශේෂ වැඩසටහනක්

ජූනි 06, 2020

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැතිර පවත්නා “කහ තිත් පළගැටි උවදුර” මර්දනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.

    මේ සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මකයි.

    මෙම උවදුර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පැතිර පවතී. ඒ පිළිබඳ සොයා බැලීමට, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්, ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද එම ප්‍රදේශවල නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ. මුල් අවස්ථාවේදී ගෙවතු වගාවට පමණක් සීමා වූ කහ තිත් පළගැටි උවදුර මේ වනවිට තේ, පොල්, රබර් වගාවන් ආශ්‍රිතව ද ව්‍යාප්ත වී තිබේ. මාතර, අඹේපුස්ස, කිලිනොච්චිය වැනි ප්‍රදේශවලින්ද මීට පෙර “කහ තිත් පළගැටි උවදුර“ වාර්තා විය.

    උවදුර මර්දනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම නිලධාරීන් හරහා ගොවීන් දැනුවත් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    “කහ තිත් පළගැටි උවදුර” සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් 1920 දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News