බ්‍රෙක්සිට් ගිවිසුම තෙවැනි වරටත් පරාජයට

මාර් 30, 2019

    බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රෙක්සිට් ගිවිසුම එරට පාර්ලිමේන්තුව තුළ යළිත් පරාජයට පත්ව තිබේ.

    මෙවර යෝජනාවලිය පරාජයට පත්වූයේ තෙවැනි වරටයි. බ්‍රෙක්සිට් යෝජනාවලිය පාර්ලිමේන්තුවේ දී ඊයේ විවාදයට ගැනුණු අතර ඊට පක්ෂව ඡන්ද 286ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 344ක්. මීට පෙර ද බ්‍රෙක්සිට් යෝනාවලිය දෙවරක් එරට පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්වූ අතර එය අගමැතිනි තෙරේසා මේට එල්ල වන විශාල අභියේගයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

    කෙසේ වෙතත්, බ්‍රෙක්සිට් යෝජනාවලිය යළිත් පරාජයට පත්වීමෙන් අනතුරුව අගමැතිනි තෙරේසා මේ කියා සිටියේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහි විකල්ප මගකට එළඹිය යුතු බවයි. මේ සමගම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ ක්‍රියාවලිය තවදුරටත් අවදානම් තත්වයකට පත්ව තිබේ. එමෙන්ම, තෙරේසා මේගේ අග්‍රාමාත්‍ය ධුරයට ද එය බලපා ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඊයේ පාර්ලිමේන්තුව තුළ බ්‍රෙක්සිට් යෝජනාවලිය විවාදයට ගැනෙන අතරතුර ඊට සහය දක්වමින් විශාල රැළි සංවිධාන කර තිබිණ.

     

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 12:35

    Latest News