කොරෝනා යුරෝපයට ද පැතිරේ

ජන 25, 2020

    විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටින්නේ, වෛරසය යුරෝපයට ද පැතිර ගොස් ඇති බවයි.

    එමෙන්ම ප්‍රංශයෙන් ද කොරෝනා වෛරස ආසාධිතයින් තිදෙනෙක් හමුවී ඇත.

    ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් නම් කරන්නැයි ඉල්ලීම් මේ වනවිට ඇති වී තිබේ.

    චීනයේ වුහාන් නගරයෙන් පළමු වරට වාර්තා වූ නව කොරෝනා වෛරස ආසාදනය අද වනවිට ලොව පුරා ව්‍යාප්තව ඇත.

    වෛරස ආසාදනය හේතුවෙන් අද වනවිට රෝගීන් 41දෙනෙක් මියගොස් ඇති අතර ආසාදිතයන් ප්‍රමාණය 1300 කට ආසන්න වෙයි.

    මේ අතර කොරෝනා වෛරස් ආසාදනය වාර්තා වූ පළමු දකුණු ආසියාතික රට බවට නේපාලය පත්ව තිබේ.

    ඊයේ (24) දිනයේදී වෛරසය ආසාදනය වූ චීන ජාතිකයන් 16දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    එමෙන්ම ඔස්ට්‍රේලියාව, මැලේසියාව යන රාජ්‍යවලින් සහ දකුණු ආසියානු කලාපයට අයත් නේපාලයෙන්ද  කොරෝනා වෛරස ආසාදිතයන් හමුව තිබේ.

     

    කොරෝනා වෛරසයට මුහුණදීමට IDH ඇතුළු රෝහල් සූදානම්,

     

    korona idh 900px 20 01 25

    කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා අයි.ඩී.එච්. රෝහල ඇතුළු රෝහල් කිහිපයක පහසුකම් සලසා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කොරෝනා වෛරසය අසාධිත වූ පුද්ගලයෙකු වාර්තාවී නොමැති බවයි.

    කොරෝනා වෛරසය අසාදනය වීමෙන් ස්වසන පද්ධතියට බලපෑම් එල්ල විය හැකි බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

    සතුන් ස්පර්ශ කිරීමෙන් සහ මස් ආහාරයට ගැනීමෙන් මෙම වෛරසය ආසාධිත විය හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

    මේ අතර චීනයේ සංචාරය කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයයින්ට උපදෙස් දෙයි.

    කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන චීනයේ වූහන් නගරයේ උසස් අධ්‍යාපනය ලබන සහ රැකියා කරන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළේ ය.

    චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ. යෝගනාදන් මහතා සඳහන් කළේ, චීනයේ දිවි ගෙවන ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිත බව දැනට වාර්තාවන තොරතුරුවලින් අනාවරණවී ඇති බවයි.

    කොරෝනා වෛසරයෙන් ගුවන් මගීන්ට සහ කාර්යය මණ්ඩලයට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා පුර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක් ශ්‍රීලංකන් ගුවන් සේවය ක්‍රියාවට නංවා තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහන් කළේ, ආසියානු පැසිෆික් කලාපයේ ගුවන් කාර්ය මණ්ඩලය සහ අනෙකුත් කාර්ය මණ්ඩල ද ගුවන් යානා තුළ සහ ගුවන්තොටුපොළවල් තුළදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට දැනුවත් කර ඇති බවයි.

     

    Latest News