යුරෝපය පුරා ලැව් ගිනි

ජූලි 19, 2022

    යුරෝපයේ ලැව්ගිනි මේ විට උතුරු දෙසට ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ලැව්ගිනි ව්‍යාප්ත වීම වේගවත් වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.

    අක්කර ලක්ෂ ගණනක් ලැව් ගින්නෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්. රටවල් කිහිපයක් ‌අධික උණුසුම් කාළගුණ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ. අධික උණුසුම හේතුවෙන් ලැව්ගිනි ව්‍යාප්තවීම උග්‍ර වී ඇති බව කාළගුණ බලධාරීන් පවසයි. 

    ප්‍රංශය, පෘථුගාලය, ස්පාඤඥය, ග්‍රීසිය සහ බ්‍රිතාන්‍ය එම රටවලට අයත්. බොහෝ රටවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොසින්.  මෙම තත්වය හමුවේ මරණ රැසක්ද වාර්තා වී ඇති අතර, තිස් දහසකට ආසන්න පිරිසක්  ආරක්ෂිත ප්‍රදේශ වෙත යොමු කර තිබේ.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයක සහ බ්‍රිතාන්‍යයේ, මෙතෙක් වැඩිම උෂ්ණත්වයන් මේ සතියේ වාර්තා වී ඇති බවයි. 

    Last modified on අඟහරුවාදා, 19 ජූලි 2022 09:17

    Latest News