නැ. තුර්කියේ ප්‍රබල භූමිකම්පාවෙන් 18ක් මරුට

ජන 25, 2020

    නැගෙනහිර තුර්කියේ ඇතිවූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස්, සිට දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

    රික්ටර් මාපකයේ 6.8ක භූ කම්පනයක් වාර්තා වූ බව නිලධාරීන් පවසයි. ගොඩනැගිලි රැසක් කඩා වැටී තිබේ. විශාල පිරිසකට උන්හිටිතැන් අහිමිව සිටින බව වාර්තාවේ. තුර්කිය තුළ භූමිකම්පා බහුලව දක්නට ලැබෙන අතර, 1999 දී ඇති වූ ප්‍රබලම භූ කම්පාව නිසා පුද්ගලයින් 17,000ක් පමණ මියගොස් තිබේ. මෙවර ඇති වූ භූකම්පනය එරට වේලාවෙන් රාත්‍රී 8.55ට පමණ ආරම්භ වී ඇති අතර, එහි සුළු වශයෙන් අසල්වැසි සිරියාව, ලෙබනනය හා ඉරානය යන රටවල ද ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News