ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවැනි ඇප අයැඳුම් පත්‍රය මේ වන විට අධිකරණය වෙත යොමුකර ඇති බව වාර්තා වනවා.

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාගැනීමට අදාළ සියලු ප්‍රතිපාදන සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බව, එහි උපලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පවසනවා.

ධනුෂ්ක ගුණතිලක දින 5 ක කාලයක් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ඇතැයි, ‍වාර්තා වනවා. කෙසේ වුවද, ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් යළි ඉහළ උසාවියට ඇප අයැදුමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමක් පනවා තිබේ.

කාන්තා අතවරයක් සම්බන්ධව අත්අඩංගුවට පත්ව සිටින ධනුෂ්ක ගුණතිලක අද (07) සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිඩ්නිහි දී  අත්අඩගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හෙට සිඩ්නි නුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (05) සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Latest News