ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර තිබෙනවා.
සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණේ,ඔස්ට්රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්රික් අධිකරණයේ දී.
ඒ අනුව, විනිසුරු සාරා හගට් දැනුම්දී ඇත්තේ ලබන බ්රහස්පතින්දා (28) අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදෙන බවයි.