නිදහසේ පහරදීමට යාමෙන් ලත් පරාජයක් - දිමුත් කරුණාරත්න

අගෝ 26, 2019

    ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 65කින් ජය ගැනීමට නවසීලන්තය අද (26) සමත් වුණා. තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවත්විණ.

    නවසීලන්තය පළමු ඉනිම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 187ක් ඉදිරියෙන් සිටිමින් අවසන් කිරිමට සමත් වුයේය.

    ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකාවට ලකුණු 187 අවශ්‍ය වු අතර එසේ වුවද සියළු දෙනා දැවී ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 122ක් පමණි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 51 ලබා ගැනීමට සමත්විය.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 244කට සීමා වු අතර නවසීලන්ත පළමු ඉනිමේදි කඩුළු 06ක් දැවී ලකුණු 431ක් රැස් කර සිටියදි ඉනිම අවසන් කර ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන්නේය. තරගයේ වීරයා ලෙස නවසීලන්ත කණ්ඩායමේ ටොම් ලැතම් නම් කෙරිණ.

    ගාල්ලේ පැවති ප්‍රථම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේය. ඒ අනුව තරග දෙකකින් යුත් තරගාවලිය 1ට 1ක් ලෙස සම තත්ත්වයෙන් නිමා විණ.

    Latest News