ලන්දේසි සමග අවසන් සටන අද හරාරේ හිදී

ජූලි 09, 2023

    ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙනවා. ඒ, සිම්බාබ්වේහි හරාරේහි දී.



    ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර මේ වන විට තරග 4 ක් පවත්වා ඇති අතර, ඉන් සියලු තරග ජයගෙන ඇත්තේ, ශ්‍රී ලංකා කණ්ඩායමයි.

    මෙවර ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය හමුවන දෙවැනි අවස්ථාව ද මෙයයි.

    මීට පෙර සුපිරි 6 දෙනාගේ වටයේ දී කණ්ඩායම් දෙක තරග වැඳුණු අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 21 ක ජයක් හිමි කර ගත්තා.

    ශ්‍රී ලංකා කණ්ඩායම, මෙම තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිනවා.

    Latest News