සුපිරි ජයකින් සුපිරි හයට

ජූනි 25, 2023

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ සිම්බාබ්වේ බුලවායෝ හි ක්වීන් ස්පෝට්ස් ක්ලබ් හි පැවැත්වූ ශ්‍රී ලංකා අයර්ලන්ත තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීමට අයර්ලන්තය තීරණය කළා.

    ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු වාර 49.5 කදී සියලු දෙනා දැවී ලකුණූ 325ක් ලබා ගත්තා.

    ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ දිමුත් කරුණාරත්න ලකුණු 103ක්, සධීර සමරවික්‍රම ලකුණු 82ක් ධනන්ජය ද සිල්වා ලකුණු 42ක් ලබා ගත්තා.

    අයර්ලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මාක් අඩේර් කඩුලු 4ක් බැරී මැකර්ති කඩුලු 3ක් සහ ගෙරත් ඩෙලනි කඩුලු 2ක් දවා ගත්තා.

    ලකුණු 326ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත ඉනිම විනාශ කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුවාර 31කදී අයර්ලන්ත ඉනිම ලකුණු 192කට සීමා කරමින් ලකුණු 133ක පහසු ජයක් වාර්තා කළා.

    අයර්ලන්තය වෙනුවෙන් හැරී ටෙක්ටර් ලකුණු 33ක් සහ කර්ටි කැම්පර් ලකුණු 39ක් වාර්තා කළා. පන්දුවෙන් දස්කම් දැක්වූ වනිදු හසරංග කඩුලු 5ක් මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවා ගනිද්දී කසුන් රාජිත, ළහිරු කුමාර හා දසුන් ශානක එක් කඩුල්ල බැගින් ඩැහැ ගත්තා.

    පසුගිය තරග දෙකේදීම කඩුලු 5බැගින් දවා ගත් වනිදු මෙම තරගයේදීත් ලකුණු 79කට කඩුලු 5ක් දවා ගනිමින් පිට පිට තරග 3 කදී කඩුලු පහ බැගින් දවා ගත් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එක් වුනේ එම දස්කම දැක්වූ ලොව දෙවන ක්‍රීඩකයා වෙමිනුයි. මීට පෙර එම දස්කම දැක්වූයේ පකිස්ථාන් වේග පන්දු යවනන්නකු වූ වකාර් යුනුස්.

    එමෙන්ම මෙම තරගයේ ජයත් සමග ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ තරග 5ක් අඛන්ඩව ජය ගනිමින් ජයග්‍රාහී මාවතට අවතීර්න වී තිබෙනවා. තරගයේ වීරයා දිමුත් කරුණාරත්න.

    Latest News