යුද හමුදාවේ වේගවත්ම ක්‍රීඩකයා යුපුන් (වීඩියෝ)

අගෝ 28, 2019

    මීටර් සියය ජාතික ශූරයා පරාජයට පත්කිරීමට යුපුන් අබේකෝන් අද(28) සමත් විය.

    ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන යුද හමුදා මලල ක්‍රිඩා තරගාවලියේ දීය. 56 වෙනි වරට සංවිධානය කර තිබෙන යුද හමුදා මලල ක්‍රීඩා තරගවලියේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තේරීමේ තරගය පැවැත්විණි.

    එහි විශේෂත්වයක් වන්නේ දැනට මීටර් 100 ජාතික ශූරයා වන හිමාෂ ඒෂාන් පරාජය කරමින් එම ඉසව්ව ජය ගැනීමට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ යුපුන් අබේකෝන් සමත්වීමයි. ඔහු තරගය නිම කිරීම සඳහා තත්පර 10.44 ක කාලයක් ගත කළ අතර එය නව තරගාවලි වාර්තාවක් ලෙස සටහන් විය. එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරු වන කාලතුවක්කු රෙජිමේන්තුව හිමාෂ ඒෂාන් දිනා ගැනීමට සමත්විය. එහි තුන්වන ස්ථානය දිනාගත්තේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මොහොමඩ් සෆ්රාස් විසිනි.

    එසේම මීටර් 100 කාන්තා ධාවන ඉසව් ජය ගැනීමට දෙවැනි ස්වේච්ඡා යුද හමුදා කාන්තා බල ඇණියේ බී. එල්. සුගන්ධි සමත් විය. ඇය තරගය සඳහා ගතකළ කාලය තත්පර 11.96 කි. එහි දෙවන ස්ථානය පස්වැනි ස්වෙච්ඡා යුද හමුදා කාන්තා බල ඇණියේ. එස්. එල්. එස්. සිල්වා සහ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා සංඥා බළකායේ පි. ඒ. මුතුකුමාරණ හිමි කරග ගැනීමට සමත් විය.

    Last modified on බදාදා, 28 අගෝස්තු 2019 18:35

    Latest News