අදත් තරගයට වර්ෂාවෙන් බාධා

අගෝ 25, 2019

    ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේත් වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.

    ඒ, අනුව තවමත් තරගය ආරම්භ කර නැහැ. කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ තුන්වැනි දිනයේ ඊයේ තරගය නතර කරන විට නවසීලන්තය තම පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 196ක් ලබා සිටියා. ටොම් ලේතම් නොදැවී ලකුණු 111යි. බී.ජේ. වොට්ලි නොදැවී ලකුණු 25ක් රැස් කරගෙන සිටියා. තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 244ක් රැස් කළා.

    Latest News