අලුත් කැප්ටන් වැඩ පෙන්නන දවස අද

ඔක් 16, 2023
    ලෝක කුසලාන එක් දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ ඔස්ට්රේලියාව අතර තරගය අද (16) ලක්නව් හිදී පැවැත්වෙනවා.
    තරගාවලියේ ඉදිරි තරගවලදී ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම, කුසල් මෙන්ඩිස්ට හිමිව තිබෙනවා. ඒ, නායක දසුන් ශානකට ආබාධයක් නිසා තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම හේතුවෙන්.
     
    කුසල් මෙන්ඩිස් ශ්රී ලංකාවේ 26 වැනි එක්දින නායකයායි. ඔහු මෙවර තරගාවලියේ පුහුණු තරගයකදී ද ශ්රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා.
     
    නායක දසුන් ශානක තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන්, ඒ වෙනුවට තුන් ඉරියව් ක්රීඩක චාමික කරුණාරත්න කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.
     
    ඒ සඳහා තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබුණු බව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය පවසනවා.
     
    ශ්රී ලංකාව සහ ඔස්ට්රේලියාව අතර මේ දක්වා පවත්වා ඇති අන්තර්ජාතික එක්දින ක්රිකට් තරග සංඛ්යාව 103 ක්. ඉන් තරග 63 ක් ඔස්ට්රේලියාවත්, තරග 36 ක් ශ්රී ලංකාවත් ජයගත්තා. තරග 4 ක් අවසන් වුණේ තීරණයකින් තොරවයි.
     
    ශ්රී ලංකාව සහ ඔස්ට්රේලියාව අතර එක්දින ලෝක කුසලාන තරග 11ක් පවත්වා තිබෙනවා.
     
    ඉන් තරග 8ක් ඔස්ට්රේලියාවත් තරග 2ක් ශ්රී ලංකාවත් ජය ගත්තා. එක් තරගයක් අවසන් වුණේ තීරණයකින් තොරවයි.
     
    1996 ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් තරගයේ දී ඔස්ට්රේලියාවට එරෙහිව ජය වාර්තා කිරීමෙන් පසුව තවමත් ශ්රී ලංකාව එරටට එරෙහිව ලෝක කුසලානයක දී එක්දින තරගයක් ජයගෙන නැහැ.
     
    අද ශ්රී ලංකාව සහ ඔස්ට්රේලියාව තරග බිමට පිවිසෙන්නේ, මෙවර තරගාවලියේ සිය පළමු ජයග්රහණය අපේක්ෂාවෙන්.

    Latest News