ICC සැප්තැම්බරයේ ක්‍රිකට් ක්‍රීඩිකාව, චමරි අතපත්තු

ඔක් 13, 2023

    ‍ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රී‍ඩිකාව ලෙස නම් කර තිබෙනවා. 

    චමරි අතපත්තු පසුගියදා නිමා වූ එංගලන්ත තරග සංචාරයේ දී දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙනයි, මෙය පිරිනමා ඇත්තේ. චමරි එම සංචාරය තුළ දී ලකුණු 114 ක් රැස් කර, කඩුලු 5 ක් දාව ගනිමින් තරගාවලියේ වීරයා බවට ද පත් වුණා. ඇය, මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල එක් දින කාන්තා පිතිකරණ ‍ශ්‍රේණීගත කිරීම්වල පසුවන්නේ තෙවැනි ස්ථානයේ යි.

    Latest News