අවසන් වාසනාව කාටද ?

අගෝ 15, 2023

    LPL ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද පැවැත්වෙනවා.ඒ Colombo strikers සහ Galle Titans කණ්ඩායම් අතරයි.ඊයේ පැවති තරගයෙන් B-Love Kandy කණ්ඩායම පරාජය කරමින් කරමින් Dambulla Aura කණ්ඩායම ජය වාර්තා කළා.

    තරගය පැවැත්වුණේ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.තරගයේ පලමුවෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 162 ක් රැස් කළා.අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 41 යි.නුවන් ප්‍රදීප් කඩුළු 3ක් දවාගත්තා.

    පිළිතුරු ලෙස බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 142 ක් රැස් කළා.දිනේෂ් චන්දිමාල් ලකුණු 50 යි.

    පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා ලකුණු 6 කට කඩුලූ 4ක් බිද හෙලුවා.තරඟයෙන් දඹුල්ල අවුරා කණ්ඩායම ජයගත්තේ ලකුණු 20 කින්.

    තරගයේ වීරයා ධනංජය ද සිල්වා.ප්‍රසාද ලකුණු 12 ක් හිමිකරගනිමින් දඹුල්ල අවුරා කණ්ඩායම තරගාවලියේ ලකුණු සටහනට අනුව පෙරමුණ ගෙන තිබෙනවා.

    දෙවන ස්ථානයේ පසුවන්නේ ලකුණු අටක් හිමිකරගත් බී ලව් කැන්ඩි කණ්ඩායම.එම කණ්ඩායම් දෙකම අවසන් කණ්ඩායම 4 තම ස්ථානය තහවුරු කරගෙන තිබෙනවා.

    සෙසු කණ්ඩායම් තුන ම තුනම ප්‍රසාද ලකුණු 6 බැගින් ලබාගෙන තිබෙන අතර,දළ ලකුණු ලබා ලබාගැනීමේ වේගය අනුව මේ වන විට තෙවැනි ස්ථානය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හිමියි.

    සිව් වන ස්ථානයේ පසුවන්නේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමයි.කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට පස් වැනි ස්ථානය හිමියි.

    අද ගෝල් ටයිටන්ස් සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය මත අවසන් කණ්ඩායම හතරට තේරී පත්වන පත් වන සෙසු කණ්ඩායම් දෙක තීරණය වනු ඇති.

    Latest News