කළම්බෝ ස්ට්‍රයිකර්ස්ට තවත් බලාපොරොත්තුවක්

අගෝ 14, 2023

    LPL ක්‍රිකට් තරගාවලියේ බී ලව් කැන්ඩි කණ්ඩායම සමග ඊයේ පැවති තරගයෙන් ජය ගැනීමට කළම්බෝ ස්ට්‍රයිකර්ස් කණඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

    පළමුවෙන් පන්දුවට පහර දුන් කළම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 169 ක් රැස් කළා.

    පැතුම් නිස්සංක ලකුණු 51 ක් රැස් කළ අතර, නිපුන් ධනංජය ලකුණු 40 යි. පන්දු යැවීමේදී ඇන්ජෙලෝ මැතිව්ස්, ඉසුරු උදන සහ වනිදු හසරංග කඩුලු 2 බැගින් දවා ගත්තා.

    පිළිතුරු ලෙස බී ලව් කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 160 ක් පමණයි. වනිදු හසරංග ලකුණු 40 යි.

    පන්දු යැවීමේදී මනීෂ පතිරණ සහ ජෙෆ්‍රි වැන්ඩසේ කඩුලු දෙක බැගින් දවා ගත්තා. තරගයෙන් කළම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 9 කින්. තරගයේ වීරයා පැතුම් නිස්සංක.

    මෙම ජයග්‍රනයත් සමග කළම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 ට පිවිසීමට බලාපොරොත්තු තබා ගැනීමට හැකිව තිබෙනවා. 

    Last modified on සදුදා, 14 අගෝස්තු 2023 09:22

    Latest News