ගින්දර වගේ තරගයක කුළුදුල් දිනුම 'කැන්ඩි ෆැල්කන්ස්'

ජූලි 02, 2024
    එල් පී එල් ක්රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

    ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 6 කින් පරාජය කරමින්.

    තරගාවලිය ඊයේ ආරම්භ වුණේ පල්ලෙකැලේ අන්තර් ජාතික ක්රිකට් ක්ර්රීඩාංගණයේදී.
     
    පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 174 ක් රැස් කතා.
     
    මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 91 ක් රැස් කල අතර චමිදු වික්රමසිංහ නොදැවී ලකුණු 62 යි.
     
    පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත්තා.
     
    පිලිතුරු ලෙස කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 17 යි පන්දු 2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 183 ක් රැස් කරමින්.
     
    දිනේෂ් චන්දිමාල් ලකුණු 61යි.
     
    දසුන් ශානක නොදැවී ලකුණු 47 ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 37 ක් රැස් කලා.
     

    Latest News