තර්ජනී දැල් පන්දු පිටියට සමුදෙයි

අගෝ 08, 2023

    වසර ගණනාවක් ජාතික දැල්පන්දු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක් ලෙස කටයුතු කළ තර්ජනී ශිවලිංගම් තමා ජාතික කණ්ඩායමෙන් සමු ගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

    ඒ තම නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින්. ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ඉදිරියේදී නිකුත් කරන බවයි තර්ජනී ප්‍රකාශ කර තිබෙන්නේ.

    කේප් ටවුන් හිදී නිමාවට පත්වූ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය පසු තර්ජනී ශිවලිංගම් මෙම තීරණය ගෙන තිබෙනවා.මෙවර තරගාවලියට සහභාගී වූ සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි 16 වැනි ස්ථානය හිමි කර ගත්තා.

    2009 වසරේදී ජාතික දැල්පන්දු කණ්ඩායමට තේරී පත්වූ තර්ජනී ශිවලිංගම් අවස්ථා රැසකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් සැපයූ ක්‍රීඩිකාවක්. අඩි 6 යි අඟල් 9 ක් උස තර්ජනී ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෝල විඳින්නිය ලෙසයි කටයුතු කළේ.


    තර්ජනී 2009 ,2018, සහ 2022 වසරවල දී ආසියානු දැල්පන්දු කිරුළ දිනු ශ්‍රීලංකා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක්.2011 වසරේ දී ලොව විශිෂ්ටතම දැල් පන්දු දැල්පන්දු ගෝල විඳින්නිය සම්මානයෙන් පිදුම් ලැබුවේ ද තර්ජනී ශිවලිංගම්.මේ අතර 2009 සහ 2012 ආසියාවේ විශිෂ්ටතම ගෝල විඳින්නිය සම්මානය ද ඇයට හිමි වුණා.

    2018 වසරේ ආසියානු කුසලාන දැල් පන්දු දැල්පන්දු තරගාවලිය විශිෂ්ටතම ක්‍රීඩිකාව ද ඇයයි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර දැල් පන්දු තරග 100කට සහභාගී වූ පළමු ලෙසයි, ක්‍රීඩිකාව ලෙස තර්ජනී ශිවලිංගම් වාර්තා පොත් අතරට එක්වුණේ.

    Latest News