කැන්ගරු දේශයට රැගෙන ගිය දැල්පන්දු ලෝක කුසලානය

අගෝ 07, 2023

    12 වන වතාවටත් දැල්පන්දු ලෝක කුසලානය දිනාගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

    ඒ අවසන් මහා තරගයේ දී එංගලන්තය ලකුණු 61 - 45 ක් ලෙස පරාජයට පත් කරමින්.තරගයේ පළමු අර්ධය නිමවන විට ලකුණු 27 - 23 ක් ලෙස පෙරමුණ ගන්නට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

    ඒ අනුව ඉතිහාසයේ වැඩිම වාර ප්‍රමාණයක් නෙට්බෝල් ලෝක කුසලානය දිනූ වාර්තාව තවත් පියවරකින් අලුත් කරන්නට ඔස්ට්‍රේලියාව සමත් වීම විශේෂත්වයක්.

    ඉතිහාසයේ පළමු වතාවට එංගලන්තය ලෝක දැල්පන්දු අනුශූරියන් බවට පත්වුණා.

    පසුගිය වතාවේ ලෝක කුසලානය දිනූ නවසීලන්ත කණ්ඩායම මෙවර සිව්වන ස්ථානය දක්වා පසුබැසීම කැපී පෙනුණා. තුන් වන ස්ථානය සදහා වූ තරගයේදී ජැමෙයිකාව විසින් නවසීලන්තය පරාජයට පත් කළේ ලකුණු 52 - 45 ලෙසයි.

    Latest News