ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට

ජූනි 17, 2023

    ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත් වුණා.

    තරගාවලිය පැවැත්වෙන්නේ, කොරියාවේදී. තෙවැනි ස්ථානය සඳහා වන තරගය පැවැත්වුණේ, ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතරයි. එහිදී, පළමු අර්ධයේදී ලකුණු 11ට 10ක් ලෙස හොංකොං කණ්ඩායම පෙරමුණ ගත්තා. කෙසේ වුවද, දෙවැනි සහ තෙවැනි අර්ධවලදී, ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ලකුණු 46 ට 32 ක් ලෙස, තරගය ජය ගැනීමට සමත් වුණා. ඒ අනුව, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලෝක ශූරතා යොවුන් දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

    Latest News