ශූරයින්ගේ සටන තව දින 8කින්.

නොවැ 12, 2022

    ෆිෆා ලෝක පාපන්දු ශූරයින්ගේ ‍සටනට තවත් ඇත්තේ, දින 8ක්.

    ලබන 20 වැනි දා ආරම්භ වන තරගාවලියේ, මෙරට නිල විකාශන අයිතිය දරන්නේ, ජාතික රූපවාහිනියයි.

    2022 ෆි‍ෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් දර්ශනීය ක්‍රීඩාංගණයක් ලෙස එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණය මෙවර කාගේත් අවදානය දිනාගෙන තියෙනවා. කටාර් රාජ්‍ය යේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේදී ක්‍රීඩාංගණ අටක තරග පැවැත්වීමට නියමිතයි.

    මෙම එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණය 2016 වසරේදී ඉදිකිරීම් ආරම්භ කෙරුණා. ලෝක කුසලානය වෙනුවෙන් නැවත නවීකරණ කර අවසන් වුයේ 2020 වසරේදී.‍ ප්‍රේක්ෂකයින් 45,000කට ආසන්න පිරිසකට තරග නැරඹී‍මේ හැකියාව ඇති මෙම ක්‍රීඩාංගණයේ ෆිෆා ලෝක කුසලාන තරග 8ක් පැවැත්වෙනවා. ඊට මූලික වටයේ තරග 6ක්. දහසය දෙනාගේ වටයේ තරගයක් හා එක් අර්ධ අවසන් පූර්ව තරගයක් අයත්.

    Latest News