FIFA තව දින 3යි

නොවැ 17, 2022

    ලෝක කුසලාන පාපාන්දු තරගාවලිය තවත් දින තුනකින් කටාර් රාජ්‍යයයේදී ආරම්භ වනවා. මෙවර තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනිය සතුයි.

    රටවල් 32ක්, මූලික වට‍යේදී කාණ්ඩ 8ක් යටතේ මෙවර තරගාවලියට එක්වනවා. ඒ සිට එෆ් දක්වා කාණ්ඩ 6ක් යටතේ තරගාවලියට එක්වන කණ්ඩායම් පිළිබඳව අප මීට පෙර තොරතුරු රැගෙන ආවා. අද තොරතුරු ගෙන එන්නේ, ජී සහ එච් කාණ්ඩ පිළිබඳවයි.

    ජී කාණ්ඩයෙන් තරග වදින කණ්ඩායම් වන්නේ, බ්‍රසීලය, සර්බියාව, ස්විට්සර්ලන්තය සහ කැමරුන් යන කණ්ඩායම්. බ්‍රසීලය මේ වන විට අවස්ථා 5කදී ලෝක පාපන්දු කිරුළ දිනාගෙන ඇති අතර, ඔවුන් ලොව අංක එකේ පාපන්දු කණ්ඩායමයි. මෙවර තරගාවලියේදී ඔවුන් සතු ප්‍රධානතම ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැක්කේ නෙයිමර්.

    ජී කාණ්ඩයෙන් තරග වදින සෙසු කිසිදු කණ්ඩායමක් තවමත් ලෝක පාපන්දු කිරුළක් දිනාගෙන නැහැ. එම කාණ්ඩයේ පළමු තරගය පැවැත්වෙන්නේ,  ස්විට්සර්ලන්ත සහ කැමරුන් කණ්ඩායම් අතර. බ්‍රසීලය සහ සර්බියාව අතර එම කාණ්ඩයේ දෙවනතරගය පැවැත්වෙනවා. එම තරග දෙකම ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    එච් කාණ්ඩයෙන් තරග වදින රටවල් වන්නේ, පෘතුගාලය, ගානා, උරුගූවේ සහ දකුණු කොරියාවයි. පෘතුගාලය එම කාණ්ඩයේ සිටින ප්‍රබලතම කණ්ඩායමයි. අවස්ථා හතරකදී ලෝක පාපන්දු තරගාවලිය නියෝජනය කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලය සතු ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැකියි. මේ වන විට ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 9 වන ස්ථානයේ පසුවන පෘතුගාලය තවමත් ලෝක පාපන්දු කිරුළක් දිනා නැහැ.

    එම කාණ්ඩයෙන් ක්‍රීඩාකරන උරුගූවේ කණ්ඩායම අවස්ථා දෙකකදී ලෝක පාපන්දු කිරුළ ජයගෙන තිබෙනවා. උරුගුවේ සහ දකුණු කොරියාව එච් කාණ්ඩයේ පළමු තරගයට සහභාගි වන අතර එහි දෙවන තරගය පැවැත්වෙන්නේ‍, පෘතුගාලය සහ ගානා කණ්ඩායම් අතර. එම තරග දෙකම ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 නොවැම්බර් 2022 18:57

    Latest News