තහනම මැද අවසර

ජූලි 27, 2023

    2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටය සඳහා ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය අවසර ලබාදී තිබෙනවා.

    ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ දැඩි කොන්දේසි යටතේයි.

    FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග 2023 ඔක්තෝම්බර් 12 සහ 17 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තරගාවලියට අවම වශයෙන් දින 10කට පෙර සිය නිලවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දන්වා තිබෙනවා.

    එසේ නොවුවහොත් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදෙන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සඳහන් කරනවා.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර පාපන්දු තහනම එලෙසම ක්‍රියාත්මකයි.

    Latest News