ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගය අද

නොවැ 10, 2022

    T20 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (10) ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ්හිදී පැවැත් වීමට නියමිතයි.

    එහි දී ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම තරග වදින අතර මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වෙනු ඇති.

    2007 වසරේ සිට මේ දක්වා T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි 07ක් පවත්වා ඇති අතර ඉන්දියාව සහ එංගලන්තය එක් අවස්ථාව බැගින් ශූරතාව හිමිකරගෙන තිබේ.

    මේ වන විටත් පාකිස්තාන කණ්ඩායම මෙවර ලෝක කුසලාන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර අවසන් මහ තරගය ලබන 13 වන දින මෙල්බන්හිදී පැවැත්වීමට නියමිතයි.

    Latest News