CUP එක උපන් බිමට

නොවැ 13, 2022

    202-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට එංගන්තය සමත්වුණා. ඒ, අවසන් තරගයේදී පකිස්ථානය කඩුලු 5කින් පරාජය කරමින්. එංගලන්තය 20-20 ලෝක ක්‍රිකට් කිරුළ දිනූ දෙවන අවස්ථාව මෙයයි.

    අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණ‍යේදී පැවැත්වුණා. කාසියේ වාසි‍යේ දිනාගත් එංගලන්තට පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පකිස්ථානයට ලබාදුන්නා.

    ඒ අනුව පකිස්ථාන ඉණිම ආරම්භ කළේ, මොහොමඩ් රිස්වාන් සහ බාබර් අසාම්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 29ක් වන විට රිස්වාන් ලකුණු 15කට දැවී ගියා. පකිස්ථාන ඉණීමේ වැඩිම ලකුණුලාභියා වූයේ, ශාන් මසූඩ්. ඔහු ලකුණු 38ක් රැස්කළා.‍ නායක බාබර් අසාම් ලකුණු 32යි. පකිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක දැවී රැස්කළේ, ලකුණු 137ක් පමණයි. සෑම් කරන් ලකුණු 12කට කඩුලු 3යි. අබ්දුල් රෂීඩ් සහ ක්‍රිස් ජෝර්ඩන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

    පිළිතුරු ලෙස ලකුණු 138ක ඉලක්කයක් හඹා යමින් එංගලන්ත ඉණිම ආරම්භ කළේ, නායක ජොස් බට්ලර් සහ ඇලෙක්ස් හේල්ස්. පළමු කඩුල්ල ලෙස හේල්ස් එක් ලකුණකටත්, දෙවන කඩුල්ල ලෙස පිල් සෝල්ට් ලකුණු 10කටත් දැවී ගියා. එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 3 දැවී ගියේ ලකුණු 45කට. පස්වන කඩුල්ල ලෙස හැරී බෘක් ලකුණු 20කට දැවී යන විට එංගලන්ත ලකුණු පුවරුව 84ක් ලෙස සටහන් වුණා.

    එංගලන්ත කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 19කදී කඩුලු 5ක් දැවී ලකුණූ 138ක් රැස්කරමින්. දක්ෂ පිතිහරඹයක නිරත වූ බෙන් ස්ටොක් පන්දු 49කදි නොදැවී ලකුණු 52ක් රැස්කළා. ඒ අනුව කඩුලු 5කින් තරගය ජයගත් එංගලන්තය 2022 ලෝක ක්‍රිකට් කිරුළ දිනාගත්තා. එංගලන්තය මීට පෙර 2010 වසරේදී ද මෙම කිරුළ දිනාගෙන තිබෙනවා. තරගයේ වීරයා මෙන්ම තරාගාවලියේ වීරයා සම්මානය ද දිනාගත්තේ සෑම් කරන්.

    Latest News