විස්සයි විස්ස අවසන් ගැටුම අද

නොවැ 13, 2022

    ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ එංගලන්තය සහ පාකිස්තානය අතර.තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතයි.

    ඒ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කෙසේ වෙතත් තරගය පැවැත්වෙන කාලයේදි මෙල්බර්න් ප්‍රදේශයට වර්ෂාව ඇද හැලීමේ වැඩි අවස්ථාවක් පවතිනවා. අද දිනයේදී තරගයේ එක් ඉනිමක් සදහා පන්දුවාර 10 ක් හෝ යැවීමට නොහැකි වුවහොත් හෙට දිනයේදී යළින් තරගය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

    හෙට දිනයේදීද මෙල්බර්න් ක්‍රීඩාංගණයට වර්ශාව ඇද හැලීමේ අවස්ථාවක් පවතින බවයි වාර්තා වන්නේ. එහිදී තරගය සදහා පැය 4 ක් අතිරේක කාලයක් ලබා දීමට කටයුතු කෙරෙන අතර හෙට දිනයේදීද තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් පාකිස්තානය සහ එංගලන්තය තරගාවලියේ සම ශූරයින් වනු ඇති.

    1992 වර්ශයේ දී ද මීට පෙර එංගලන්තය සහ පාකිස්තානය අතර ලෝක කුසලාන අවසන් මහා තරගයක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී ම පැවැත්වුණා.එම තරගයෙන් පාකිස්තානය ජය ගත්තේ ලකුණු 22 කින්. වසර 30 කට පසුව දෙපිල අද යළිත් තරග වදින්නේ 20/20 ලෝක ක්‍රිකට් කිරුළ වෙනුවෙන්. මෙම කණ්ඩායම් 2ම එක් අවස්ථාව බැගින් 20/20 ලෝක ක්‍රිකට් කිරුළ ජය ගෙන තිබෙනවා.

    පාකිස්තානය 2009 වසරේදී එහි ශූරතාව දිනා ගත්තා. එංගලන්තය ලෝක 20/20 කිරුළ ජය ගත්තේ 2010 වසරේදී.මේ අතර පාකිස්තානය 2007 වසරේදී සහ එංගලන්තය 2016 වසරේදී එහි අනු ශූරතාව දිනා ගෙන තිබෙනවා. දෙරට අතර 20/20 ක්‍රිකට් ඉතිහාසය සැලකීමේදී පවත්වා ඇති තරග සංඛ්‍යාව 28 ක්.

    ඉන් 18 ක් එංගලන්තයත් 9 ක් පාකිස්තානයත් ජය ගත්තා. එක් තරගයක් නිමා වුණේ තීරණයකින් තොරව. ලෝක කුසලාන 20යි20 ක්‍රිකට් තරගාවලියකදී අද දෙරට මුණ ගැසෙන 3 වැනි අවස්ථාව මෙයයි.

    මීට පෙර පැවැති තරග දෙකම එංගලන්තය ජය ගත්තා. අද අවසන් තරගයදී පාකිස්තානය බාබර් අසාම් ගේ නායකත්වයෙන් සහ එංගලන්තය ජොෂ් බට්ලර්ගේ නායකත්වයෙන් තරග වැදීමට නියමිතයි.

    Latest News