එංගලන්තයෙන් ක්‍රිකට් පාඩමක්

නොවැ 10, 2022

    ඉන්දියාව පරාජය කළ එංගලන්තය T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

    ඒ දෙවන අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාවට එරෙහිව කඩුලු 10 ක වාර්තාගත ජයක් ලබමින්. කාසියේ වාසිය පරාජය වී ඇඩිලේඩ් පිටියේ මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා. විරාට් කෝලි ලකුණූ 50ක් ලබා ගත්තා. හර්දික් පාන්ඩයා ලකුණූ 63ක් ලබා ගත්තේ පන්දු 33කදී. 

    පිළිතරු ඉනිම ඇරඹූ එංගලන්ත නායක ජොස් බට්ලර් සහ ඇලෙක්ස් හේල්ස් පන්දු වාර 16ක් තූළ ලකූණු 170ක් ලබා ගනිමින් එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියේ කිසිදු කඩුල්ලක් ප්‍රතිවාදීන්ට ගබා ගැනීමට ඉඩ නොදෙමින්. බට්ලර් ලකුණූ 80ක් ලබා ගත්තේ පන්දු 49 කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමගින්. තරගයේ වීරයා සම්මානය දිනූ ඇලෙක්ස් හේල්ස්ගේ ලකුණු 86ට හයේ පහර 7ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වුනා.

    අවසන් මහා තරගය ලබන 13 වෙනිදා MCG හිදී පැවැත්වෙන්නේ එංගලන්තය හා පකිස්ථානය අතරයි.

    Latest News