කුමුදු තම ක්‍රීඩා දිවියේ හොඳම පෞද්ගලික දක්ෂතාවය දක්වයි...

සැප් 03, 2021

    ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ටී 47 කාන්තා දුර පැනීමේ ඉසව්වට අද සහභාගී වූ කුමුදු ප්‍රියංකා තම ක්‍රීඩා දිවියේ හොඳම පෞද්ගලික දක්‍ෂතාව දැක්වීමට සමත් වුණා.

     

    නමුත් ඇයට පදක්කමක් හිමිකර ගැනීමට හැකිවුණේ නැහැ.  කුමුදු ප්‍රියංකා අද දැක්වූ දක්‍ෂතාව මීටර් 4.92 ක්. ඇය තරඟය නිමාකලේ 9 වැනි ස්ථානයටයි. මේ අතර, ටී 47 කාණ්ඩයේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ දෙවැනි මූලික තරඟයට මධුරංග සුබසිංහ අද සහභාගී වුණා. එහිදී ඔහු තත්පර 51.08 ක කාලයකින් තරඟය නිම කළා. මධුරංගට හිමිවුණේ සිව්වැනි ස්ථානයයි. ඒ අනුව, ඔහුට අවසන් තරඟයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවුනේ නැහැ.

    Latest News