අද (02) අවිශ්කගෙන් ශතකයක්...

සැප් 02, 2021

    තම එක්දින ක්‍රිකට් දිවියේ තෙවැනි ශතකය වාර්තා කිරීමට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු අද සමත් වුණා.

     

     

    ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරඟයේදී. තරඟය පැවැත්වෙන්නේ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව,  ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් බානුක. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 57 ක සබඳතාවක් ගොඩනැගුවා.

    මිනෝද් බානුක ලකුණු 27 යි. ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස බානුක රාජපක්ෂ ලකුණු නොලබා දැවී ගියා. අවිශ්ක ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා තෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 79 ක්. ධනංජය, ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 44 කට. විශිෂ්ට ඉනිමක් ගොඩනැගූ අවිශ්ක ප්‍රනාන්දු තම එක්දින ක්‍රිකට් දිවියේ තෙවැනි ශතකය වාර්තා කළා. ඔහු දැවී ගියේ ලකුණු 118 කට. පන්දු 115 කදී ගොඩනැගුණු අවිශ්කගේ ඉනිමට 4 පහර 10 ක් සහ 6 පහර 2 ක් ඇතුළත්.

    නායක දසුන් ශානක ලකුණු 6 යි. චරිත් අසලංක තම එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට අද සමත් වුණා. ඔහු දැවී ගියේ ලකුණු 72 කට. පන්දු 62 කදී ගොඩනැගුණු චරිත් අසලංකගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහරක් ඇතුළත්. ශ්‍රී ලංකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක්දැවී ලකුණු 300 ක් රැස් කළා. පන්දු යැවීමේදී කගීසෝ රබාඩා සහ කේෂව් මහරාජ් කඩුලු 02 බැගින් බිඳහෙලුවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 සැප්තැම්බර් 2021 21:25

    Latest News