ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භය අද

ජූලි 23, 2021

    ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරුවේ ආරම්භ වේ.

    මෙවර පැවැත්වෙන්නේ ඉකුත් වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. වෙනත් බොහෝ උත්සව මෙන්ම, කොවිඩ් නිසා මෙම උළෙලද කල් දැමීමට සිදු විය.

    ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තරග 33ක් සහ ඉසව් 339ක් ස්ථාන 42ක පැවැත්වීමට නියමිතය. බොහෝ තරග ඉසව් ටෝකියෝ නගරයේ පැවැත්වීමට නියමිතය.

    2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 4.30ට ආරම්භ වේ. එය රූපවාහිනී අයි නාලිකාවෙන් සජීවී ලෙස විකාශය කිරීමට නියමිතයි.

    පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතය. පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ද ක්‍රීඩා 22ක ඉසව් 539ක් ස්ථාන 21කදී පැවැත්වේ.

    Latest News