ලෝක ටෙස්ට් තරගාවලියේ ශූරතාව නවසීලන්තයට

ජූනි 24, 2021

    පළමු ලෝක ටෙස්ට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කේන් විලියම්සන් ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, එංගලන්තයේ සවුතම්ටන්හිදී.

    පළමුවෙන්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනියම ලකුණු 217ක් රැස් කළේය. නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 170ක් පමණයි. ඒ අනූව, තරගය ජය ගැනීම සඳහා නවසීලන්තයට ලකුණු 139ක ඉලක්කයක් හිමිවිය. ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 140ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය.

    ඒ අනූව, ලෝක ටෙස්ට් ඉතිහාසයේ පළමු ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ,නවසීලන්තයයි.

    තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා එංගලන්ත 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය හිමි කර ගැනීමට එංගලන්තය සමත් විය. තරගය ඊයේ පැවැත්වුණේ කාඩිෆ්හිදී. පළමුවෙන්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 129ක් රැස් කළේය.

    දසුන් ශානක ලකුණු 50යි. පිළිතුරු ලෙස එංගලන්තය පන්දුවාර 17යි. පන්දුවක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 130ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය.

    Latest News