මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රිදි පදක්කම අමාෂා ද සිල්වාට

ජූනි 27, 2021

    ඉන්දියානු ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වෙන් රිදි පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා අමාෂා ද සිල්වා සමත්වූවාය.

    තරගාවලිය ඉන්දියාවේ පංජාබ් නුවර පටියාලා හිදී පැවැත්වේ. අමාෂා ද සිල්වා මීටර 100 ධාවන ඉසව්ව නිම කළේ, තත්පර 11.59ක කාලයක් වාර්තා කරමින්. ඉන්දියානු ක්‍රීඩිකා ධානා ලක්‍ෂ්මී එහි රන් පදක්කම දිනා ගත්තාය. ඇය තරගය නිම කළේ තත්පර 11.52 කින්.

    Latest News