ක්‍රිකට් නිලවරණය කල් යයි

ජන 17, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් යයි.

    ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ක්‍රීඩා පනතේ 39.1 වගන්ති ප්‍රකාරව විශේෂ විධානයක් මගින් මේ තීරණය ගත් බවයි. නීතිපතිවරයාගේ උපදෙස් අනූව, පවතින නෛතික අවශ්‍යතාවක් මත මේ තීරණය ගත් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

    ඒ අනූව ලබන මස 07 වැනි දිනට යෙදී තිබූ ක්‍රිකට් ආයතන නිලවරණය, පෙබරවාරි 21 පැවැත්වීමට නියමිතයි.

    Latest News