ක්‍රිකට් නිලවරණය ගැන ඇමති දැන සිටි රහසක් (විඩියෝ)

පෙබ 22, 2019

    ශ්‍රි ලංකා ක්‍රිකට් නිලවරණයේ ප්‍රතිඵලය දැන සිටි බවත් නිලවරණය පැවැත්විමේ ක්‍රමවේදයෙන් සිදුවන්නක් බව ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්ද්‍ර මහතා පවසයි.

    1996 ලෝක කුසලාන ජයග්‍රහානයත් සමගින් මේ තත්වය උදාවු බවයි ඔහු කියා සිටියි. ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදි අද(22) මාධ්‍යවේදීන් කල ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේය.

    ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා -“ මම කිවුවා වගේ කාලයක් තිස්සේ ලංකාවේ තමයි ක්‍රීඩා සංගම් 142 ක් ඡන්දේ පාවිච්චි කරන්නේ. මම හැමදාම කිවුවා එංගලන්තේ 18 යි. ඕස්ට්‍රේලියාවේ 8 යි. ඉන්දියාවේ උනත් මෙච්චර සංඛ්‍යවක් නැහැ. මේකේ ක්‍රමවේදය පිළිබද ප්‍රශ්නයක් තියනවා. මම මේ කියන දේ පත්වෙච්ච කට්ටියට කිසිම අසාධාරණයක් වෙන්න කියන කතාවක් නෙමෙයි.
    ශ්‍රී ලංකාවේ ක්‍රමවේදය 1996 ලෝක කුසලානයෙන් පස්සේ මේ විදිහට වෙනස් වෙලා තියනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේක ප්‍රයෝගික කරන්නේ කොහොමද. මේ ලංකාවේ තියන ගොඩක් ක්‍රීඩා සංගම් ඡන්දෙට විතරක් තියන සංගම් තියනවා. ඒ නිසා එහෙම නොවි අනිවාර්යයෙන් ඡාතික මට්ටමේ ක්‍රීඩා වලට තරග කරන්න ඕන. ක්‍රීඩකයො බිහි කරන්න ඕන. එහෙම නැති උනොත් එ ඡන්දයේදී අහෝසි කරන්න පුලුවන් ක්‍රමයක් ක්‍රීඩා නීතිය තුල තියනවා.

    ඒ නිසා මම දැන් ඉස්සරහට විශේෂයෙන්ම ගැසට් පත්‍රයේ නියෝග තුලින් අනෙක් ක්‍රීඩා වලටත්. එහෙම ක්‍රීඩා නොකර තියනවා නම් ඒ සංගම් වලට ඡන්ද වලට පමණක් තියාගැනිම නවත්වන්න ඕන. හැමදාම මේ පරිපාලනයේ එකම කණ්ඩායමක් විසින් කිරිම රටේ ක්‍රීඩාවට දියුණුවට අත හිතදිමක් සිදු වන්නේ නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශයට තියෙන්නේ ඇත්ත වශයෙන්ම ක්‍රීඩා නිතිය යටතට අරගෙන ක්‍රීඩා සංගම් එක්ක වැඩ කරන්න‍. ක්‍රීඩා සංගම් හරියට වැඩ කලේ නැත්නම් සමහරවිට ඒ ක්‍රීඩකයට කෙලින්ම නිරන්තරයෙන් බලපාන්න පුලුවන්. ක්‍රීඩා 64 ක් තියනවා ක්‍රීඩා අමාත්‍යංශයට, මේ සංගම් නැතුව දුවන්නත් බැහැ. ඒ නිසා මේ සියලු දෙක එකමුතුවක් තියෙන්න ඕන. සාධාරණයක් තියෙන්න ඕන.

    අවසානයේ ක්‍රීඩකයන්ට කියන්න ඕන. ක්‍රීඩාව ලංකාවේ එකට ගෙන්න ඕන. ඒ ගේන්න ලංකාවේ දූපත් වාසි අපි හරි ආසයි ක්‍රීඩාවට. අපි ආසයි විනෝදයෙන් ක්‍රීඩාවක් බලලා ඒ ක්‍රීඩා කෞශල්‍යන් එක්ක ඡිවත් වෙන්න. අපේ දරුවො ආසයි. ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය පාර, වපසරිය සකසා දෙන්න ඕන. මම හිතනවා ක්‍රීකට් නිළවරණය ක්‍රමවේදය පිලිබද අපි දැනගත්තා. කොහොමත් වෙන්නේ මේ දේ කියන එක ලංකාවේ සියලු දෙනා දැනගෙන හිටියා. නමුත් අපි විශ්වාස කරනවා ක්‍රීඩාවේ අනාගතය සම්බන්ධයෙන් ඔවුන් එකතු වෙලා ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න කටයුතු කරනවා.

     

     

     

     

     

    Last modified on සිකුරාදා, 22 පෙබරවාරි 2019 18:25

    Latest News