සා.පෙළ විභාගය කල් යයි

දෙසැ 01, 2020

    අපොස සාමාන්‍ය පෙළ විභාගයට නියම කර තිබූ දිනවල දී පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    අද (01) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එම නිසා විභාගය පැවැත්වෙන නව දිනය, ඊට සති 6 කට කලින් දැනුම් දෙනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජනාවාරි මස 18 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

    කෙසේ වෙතත්, රට තුළ පවතින කොවිඩ් වෛරස තත්ත්වය සති දෙකෙන් දෙකට විශ්ලේෂණය කර බලමින් විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවත් ඔහු ප්‍රකාශ කරයි.

    Latest News