බිග් බෑෂ් තරගාවලියේ චමරිගෙන් සුපිරි දක්‍ෂතා

නොවැ 29, 2023
    ඔස්ට්රේලියානු කාන්තා බිග් බෑෂ් 20-20 ක්රිකට් තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන ශ්රී ලංකා ක්රීඩිකා චමරි අතපත්තු තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. මෙවර තරගාවලියේදී චමරි නියෝජනය කරන්නේ, සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමයි.

     

    මේ දක්වා තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභිණිය බවට පත්ව සිටින්නේ ද චමරියි. ඇය, තරග 13 ක දී රැස් කර ගෙන ඇති ලකුණු සංඛ්යාව 511 ක්. මීට අමතරව, ඇය කඩුලු 9 ක් බිඳ හෙළා තිබෙනවා. තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා ද චමරි අතපත්තු නියෝජනය කරන සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම සුදුසුකම් ලබාගත්තා.
    Last modified on බදාදා, 29 නොවැම්බර් 2023 09:25

    Latest News