ක්‍රිකට් නිලවරණයට තිලංග නැතිව නාමයෝජනා

දෙසැ 17, 2018

    පෙබරවාරි 7 පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා භාරගැනීම අවසන් වෙයි

    තිලංග සුමතිපාල නාමයෝජනා භාරදී නොමැති බවට වාර්තා වෙයි.  නාම යෝජනා බාරගැනීම අද පස්වරුවේ අවසන් වුණා.  භාරදී ඇති නාමයෝජන සම්බන්ධයෙන් විරෝධතාවන් මේ මස 31 වැනි දා දක්වා භාරගැනීම සිදුවේ.  ජනවාරි 14 වැනිදා නාමයෝජනා භාරදුන් කණ්ඩායම් විස්තර ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

    පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාවලට එරෙහිව නිශාන්ත රණතුංග මහතා විසින් අභියාචනාධිකරණයේ මෙම නඩුව ගොනුකර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ ද භාරදුන් නාමයෝජනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනුකෙරෙනු පෙත්සමක් මගින් නිලවරණය අත්හිටවනු ලැබීය.  පසුව අභියාචනාධිකරණය විසින් එම වාරණය ඉවත් කර නිලවරණය පැවැත්වීමට අවසර ලබා දුනි.  මේ අනූව, පෙබරවාරි 7 වැනිදා පැවැත්වෙන නිලවරණය ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් හමුවේ පැවැත්වීමට නියමිතයි.  ලබන පෙබරවාරි 9 වැනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වා විධායක කමිටුවක් තෝරාපත්කර ගත යුතු බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිවේදනය කර ඇත.  

    Last modified on සදුදා, 17 දෙසැම්බර් 2018 15:54

    Latest News