ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 20/3යි

දෙසැ 17, 2018

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වැනි දිනය අදයි.

    දිනය නිමාවන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 20ක් ලබා සිටී. නවසීලන්තයේ වෙලින්ටන්හිදී තරගය පැවැත්වේ. පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 282ට පිළිතුරු ලෙස නවසීලන්තය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 578ක් රැස් කළේය.

    විශිෂ්ට ඉනිමක් දියත් කළ ටොම් ලේතම් නොදැවී ලකුණු 264ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 4ක් බිඳ හෙලීය. අනතුරුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කළේ ධනුෂ්ක ගුණතිලක හා දිමුත් කරුණාරත්නයි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 13කට දැවී ගියේය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න..Ru News Alert Super 00238

    Last modified on අඟහරුවාදා, 18 දෙසැම්බර් 2018 17:59

    Latest News