ලූෂන්ගෙන් තවත් පදක්කමක් ලංකාවට (විඩියෝවක්)

දෙසැ 17, 2018
  • දසවන ලෝක කායවර්ධන ශූරතාවලියේ දී රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත්වෙයි.

    ශූරතාවලිය පැවැත්වුණේ තායිලන්තයේ දී. තරගාවලිය, දෙසැම්බර් 11 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්විණ. රටවල් රැසක ක්‍රීඩකයින් අතුරින් අවසන් වටයට 5 දෙනෙකු තෝරා ගැනුණු අතර, ලූෂන් පුෂ්පරාජ් සමග ඉන්දියාව, හංගේරියාව, ඉරානය සහ ඉරාකය යන රටවල ක්‍රීඩකයෝ සිව් දෙනෙක් ඊට සුදුසුකම් ලබා ගත්හ. එම තරගයේ දී ලූෂන් පුෂ්පරාජ්ට රන් පදක්කම හිමිවිය. ඔහු මීට පෙර දී ද අවස්ථා ගණනාවක දී, ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ජයග්‍රහණ අත්කර දුන් ක්‍රීඩකයෙකි.

    Last modified on සදුදා, 17 දෙසැම්බර් 2018 12:54

    Latest News