ජපානයේ දී 2020 ඔලිම්පික් උළෙලට සූදානම්

මාර් 21, 2020

    2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග සඳහා සූදානම් විය යුතු බව, අමෙරිකානු ඔලිම්පික් හා පැරා ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබේ. 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ දී පැවැත්වීමට නියමිතයි.

    ජපානය තුළ කොරෝනා රෝගීන් වාර්තා වී තිබෙන අවදානම් වකවානුවක ඔලිම්පික් ක්‍රීඩා තරග පැවැත්වීම පිළිබඳ විවිධ මත පළ වී තිබේ. අමෙරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් තරග පැවැත්වීම පිළිබඳ විරෝධතාවයක් හට ගැනීමෙන් අනතුරුව, කමිටුව මෙම තීරණය ගනු ලැබීය.

    නමුත් ජූලි 24 සිට අගොස්තු 9 දක්වා පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීම පිළිබඳ තවමත් ඇත්තේ, දැඩි ආන්දෝලාත්මක තත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 12:19

    Latest News