කැනඩාව ඔලිම්පික් වර්ජනය කරයි

මාර් 23, 2020

    2020 ඔලිම්පික් තරගාවලිය සඳහා සිය රට නියෝජනය කරමින් ක්‍රීඩා කණ්ඩායම් සහභාගී නොවන බව කැනඩාව පවසයි.

    කොවිඩ් නයින්ටීන් වෛරසය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    මෙවර ඔලිම්පික් තරගාවලිය වසරක කාලයක් සඳහා කල් තබන ලෙස ද කැනඩා ඔලිම්පික් කමිටුව සහ කැනඩා පැරා ඔලිම්පික් කමිටුව විසින් ඉල්ලීමක් ද සිදුකර තිබේ.

    කැනඩාව තුළ මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 1470 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර 20 දෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වෙයි.

    Latest News