නේවි සම්පත් ඇතුළු 7ක් යළි රිමාන්ඩ්

අප්‍රේ 09, 2019

    නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ ඇතුලු සැකකරුවන් හත් දෙනා ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    ඒ සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් මේවන විට සාක්ෂි සටහන් කරගැනීම අවසන් කර ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය. 

     

    සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායක ඇතුලු සැකකරුවන් කිහිප දෙනෙකු මේවන විට ඇප මත නිදහස් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්තතුමා නියෝග කළේය.

    නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ ඇතුලු සැකකරුවන් හත් දෙනා 2008 - 2009 වසරවල දී පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.   

    Last modified on අඟහරුවාදා, 09 අප්‍රේල් 2019 15:18

    Latest News