කන්ජිපානි ඉම්රාන් 9 යළි අධිකරණයට

සැප් 05, 2019

    සිරදඬුවම් නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නමැත්තා ලබන 09 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය බන්ධනාගාර කොමසාරිස් වරයාට නියම කළාය.

    කෙසෙල් වත්ත පොලිසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ. කෙසෙල් වත්ත පොලිසිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්සෙ ෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් විසින් කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සගයකු බව කියන කේමදාසන් තුෂාන්තන් හෙවත් සුසන්ත නමැති හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 20 කට අධික සංඛ්‍යාවක් සමග පසුගිය කාලයේ අත්අඩංගුට ගෙන තිබූ බව ප්‍රකාශ කළේය.

    එම අවස්ථාවේ විදේශගතව සිටි කංජිපානි ඉම්රාන් දුරකථන මාර්ගයෙන් එම වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජන එල්ල කොට අසභ්‍ය වචනවලින් බැන වැදී ඇතැයි ද ප්‍රකාශ කළ කෙසෙල්වත්ත පොලීසිය මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස කංජිපානි ඉම්රාන් නම් කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කළේය. ඒ අනුව, පොලිසිය කළ ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කංජිපානි ඉම්රාන් නැමැත්තා ලබන 09 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් වරයාට නියෝග කළේය.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 14:27

    Latest News