රොටුඹ අමිල යළි රිමාන්ඩ්

අප්‍රේ 23, 2019

    රොටුඹ අමිල හෙවත් අමිල සම්පත් ලබන මැයි 7 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිථුනආරච්චි මෙනවිය නියෝග කළේය.

    නාලක පුෂපකුමාර හා නිලංග සඳරුවන් යන පුද්ගලයන් මාතර රොටුඹ ප්‍රදේශයේ දී ඝාතනය කිරීමට තැත් කිරීම ඔහුට එරෙහි ඇති චෝදනාවයි. රොටුඹ අමිල ඩුබායි සිට පසුගියදා මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනිණ. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී.

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 14:20

    Latest News