ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන අද (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

අනුරාධපුර ලංකාරාමයේ වැලිමලුව ප්‍රතිසංස්කරණ කටයුතු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අනුග්‍රහයෙන් ආරම්භ කෙරේ.

ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජයන්ති මහා විහාරාධිපති උතුරු හා උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනුරාධපුර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබේ. 

අනුරාධපුර පූජා නගරය සියලු පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ රැසක් පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් වල වෙසෙන ජනතාව රැසක් අවතැන්ව සිටියි. කළාවැවේ වාන් දොරටු දෙකම විවෘත කර ඇති අතර වාන් දොරටු වලට අමතරව පිට වානෙන්ද ජලය ගලා යන බවයි අප වාර්තාකරු පවසන්නේ. ඒ හේතුවෙන් කළාවැව අසළ කළාවැව මාර්ගය ජලයෙන් යටවී තිබේ. අවුකන - කළාවැව මාර්ගය, හිරිපිටියාගම- ගල්නෑව මාර්ගය ඇතුළු මාර්ග කීපයක්ම ජලයෙන් යටවී තිබේ.

අනුරාධපුර ජලාශවල වාන් දොරටු විවෘත කිරීමෙන් නගරය අවට හා මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ටී.ජේ.මීගස්තැන්න පවසයි.

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු පැරණිතම සහ විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය වන අනුරාධපුර පුුරාවිද්‍යා කෞතුකාගාරය සංරක්ෂණය කිරීමෙන් අනතුරුව මහජනතාව වෙත විවෘත කිරීම අද (12) සිදුවිය.

අධ්‍යාත්මික බලයක් ඇති බවට ප්‍රකාශ කරමින් ලෙස රෝග සුව කිරීමේ අරමුණින් සංවිධාන කෙරුණු වැඩසටහනදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

Latest News